Tuesday, April 8, 2014

                                         ***මේ කරුණු ගැන සිතා බලන්න***

   පැය විසි හතරක් සිනාමුසු මුහුණින් ඉන්න. එයින් ඔබේ පරිසරය වෙනස් වෙයි. ඉන්පසු සිනාමුසු මුහුණින් සිටීම පුරුද්දක් කරගන්න.
     
         කණගාටු වී ශෝක වී කිසිවෙකු කිසිදු ප්‍රශ්නයක් විසඳ ගෙන නැත. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් ඇත්තේ එම ප්‍රශ්නය තුලමයි. එම නිසා නිතරම විසඳුම කෙරෙහි ම සිත යොමු කරන්න.
      
         ඔබ නිතර නිතර සිතන්නට පුරුදු වී සිටින සිතුවිලි අනුව ඔබට වැඩ හෝ අවැඩ සිදුවේ.

      ඔබ දුප්පත් කල හැක්කේ ඔබටමයි. ඔබ ධනවත්  කිරීමටද හැක්කේද ඔබටමයි.

          ඕනෑම දෙයක් බැරි යයි සිතන්නාට කල හැකි දෙයක් නැත. කරන්නට පුළුවන් යයි සිතන්නාට කල නොහැකි දෙයක් නැත.

       එක නරක පුරුද්දකින් ජය ගන්න. එයින් ඔබ ලබන මානසික සුවය මිල කල නොහැකි තරම් අගනේය.

         ඔබ හිතනවාට වඩා ඔබ දක්ෂයෙකි. ඔබ හිතනවාට වඩා ඔබ නිරෝගී අයෙකි.

         ඔබට යමක් බැරි වුවත් ඔබට ඕනෑම දෙයක් කරන්නට පුළුවන් බව සිතන්න.

            පින් දහම් කිරීමට හෝ හොඳ වැඩක් කිරීමට හෝ වේලාවක් නැති පුද්ගලයාට දුක් කරදරවලින් පීඩා විඳින්නට ඕනෑ තරම් විවේකය ලැබේ.

       කිසිවකට බිය වන්න එපා. ඔබ යම් දෙයකට බය වුනොත් ඒ දෙය තව තවත් විශාල වී ඔබව බය කරන්නට ශක්තිය ලබයි.

       ඕනෑම දෙයක් සිදුවීමට හේතුවක් ඇත. ඉබේට හෝ 'චාන්ස්' එකට සිදුවන කිසිවක් නැත.


  ස්තුතියි... තෙරුවන් සරණයි!